Categories



Area

Block Gal Machine

2017-11-10 01:30:51 / Other / Other / Katunayake


සේවක හිඟයට කදිම පිලියමක් වන, විනාඩියක් තුල දී වරකට ගල් 6 බැගින් නිෂ්පාදනය කල හැකි,රෝද මත දිවෙන, බ්ලොක් ගල් නිපදවීමේ නවතම යන්ත්‍රයේ ඇත්ත කතාව සම්පූර්ණයෙන්. වගකීම් කාලයද ඉක්මවා දිගු කාලයක් පාවිච්චි කල හැකි වන පරිදි, අපගේ යන්ත්‍රවල හැඬල් සියල්ල බෙයාරින් වලින් ක්‍රියා කරන පරිදිද, පාදම(Bass) ශක්තිමත් යූ චැනල් වලින්ද, අච්චු මනා ඝනකමක් ඇති තහඩු වලින්ද නිම කර ඇති බව පළමුවෙන්ම අපි ඔබට අවධාරනය කරමු. ඔබ කවදා හෝ බ්ලොක් ගල් මැෂිමක් මිල දී ගැනීමට අදහස් කරන්නේ නම් මෙලෙස ශක්තිමත්ව නිපදවූ යන්ත්‍රයක්ම මිල දී ගැනීමෙන් ඔබට දිගු කලක් ඉන් ප්‍රයෝජන ගත හැකි වනු ඇත. ඔබ අපගේ යන්ත්‍රයක් මිලදී ගන්නේ නම්, එයට වැය කරන සම්පූර්ණ මුදලම වැඩ කරන දින 70 කදී ඔබට ආපසු ලැබෙනවා ඇත්තයි !!! ඒ කොහොමද ?? …… ඒ මෙහෙමයි . සාමාන්‍ය මැෂිමකින් ගල් නිපදවීමේදී, ගල් ඔසවාගෙන යාමට වැඩි කාලයක්, මහන්සියක් දැරීමට සිදු වන නිසා සේවක ශ්‍රමයද කාලයද නාස්ති වේ. අපගේ යන්ත්‍රය, ඊටවිසඳුමක් ලෙස නිපදවා ඇත. දියුණු රටවල ලෑලි තට්ටු මත බ්ලොක් ගල් නිපදවීම සිදු නොකරන අතර, ඒ වෙනුවට භාවිතා කරනුයේ,මෙවැනි රෝද මත දිවෙන යන්ත්‍රයි. අන්තර්ජාලයේ You Tube වෙත පිවිස, cement block making machines යනුවෙන් සෝදිසි කිරීමෙන් දිනකට ගල් දහස් ගණන් නිපදවන අයුරු ඔබට දැකගත භැකි වනු ඇත. එමෙන්ම අපගේ නව යන්ත්‍රයෙන් ගල් 6 ක් නිපදවීමට ගතවන්නේ විනාඩියක් පමණක් බව අපි ඔබට ප්‍රායෝගිකවම පෙන්වන්නෙමු. සාමාන්‍ය මැෂිමකින් දිනකට උපරිමව නිපද විය හැක්කේ ගල් 325ක් පමණි.ගලකට රු.5.50 බැගින් ගෙවන්නේ නම්, ගල් 325ට රු.1800/- ක් දිනකට ගෙවිය යුතුය. වරකට ගල් 2 බැගින් එම ගල් 325 නිපදවීමට ඔහු 163 වාරයක් පමණ මැෂිම ක්‍රියාකරවිය යුතුය. 163 වාරයක් ගල් ඔසවාගෙන යා යුතුය. එහෙත්, ගල් ඔසවා ගෙන යා යුතු නැති අපගේ යන්ත්‍රය 163 වාරයක් ක්‍රියාත්මක කලවිට ගල් 978ක් ලැබේ. මෙහි සේවයට තව සේවකයෙකු යොදවා, පමා වීමකින් තොරව මිශ්‍රණය සකස් කර ගන්නේ නම්, දිනකට අවම වශයෙන් ගල් 1300 ක් පමණ පහසුවෙන් නිපදවා ගත හැකි වනු ඇත. සේවකයින් දෙදෙනෙකු යොදවා රු.1800/- බැගින් දෙදෙනාට දිනකට රු.3600/- ක් වැටුප් ගෙවන්නේ යයි සිතමු. නව යන්ත්‍රයෙන් දිනකට ඔවුන් නිපදවන අවම ගල් ප්‍රමාණය 1300 ක් වූවත්, එක් ගලකට වැය වන සැදුම් කුලිය රු.2.75ක් පමණකි.(2.75 X 1300 = 3575/-) එවිට එක් ගලක් නිෂ්පාදනයට ඔබ කලින් දැරූ වියදමෙන් ඔබට රු.2.75ක් ඉතිරි වේ. එනම් දිනක් වැඩ කල විට ගල් 1300 කින් ඔබට ඉතිරිවන මුදල, හෙවත් ඔබ ලබන අතිරේක ලාභය රු.2.75 X 1300 = රු.3575/-කි. අපගේ යන්ත්‍රයක මිළ රු. 250,000/- ක් වන අතර, ඔබ ලබන එම අතිරේක ලාභයෙන් පමණක්, ඔබ යන්ත්‍රයට වැය කරන රු.250,000/-ක් වූ සම්පූර්ණ මුදලම, වැඩකරන දින 70 කදී ඔබට ආපසු ලැබෙනු ඇත! (රු.3575/- X 70 = රු.250,250/-) ලෑලි තට්ටු බ්ලොක් ගල් මැෂිමක් සඳහා අවුරුදු පතා ලෑලි තට්ටු අලුත් කල යුතු අතර, ඒ සඳහා දිගින් දිගටම වරින් වර සෑහෙන මුදලක් වැයකිරීමට සිදුවේ. අපගේ නව යන්ත්‍රයෙන් ගල් නිපදවීමට ලෑලි තට්ටු වුවමනා නැත. නිපදවන ගල්, වියලීම පිණිස වෙනත් තැනකට ඔසවාගෙන යා යුතුද නැත. අනෙක් ගල් 2 මැෂිමකට ගල් 350ක් සඳහා එක් අවුරුද්දකට අවශ්‍ය කරන ලෑලි පැලට් ප්‍රමාණය සෑදීමට යන වියදම මෙන් දෙගුණයක පමණ වියදමෙන්, මෙම යන්ත්‍රය මගින් ගල් 1000ක් නිපදවීමට තරම් ප්‍රමාණවත් වන පොලොවක් සකසා ගත හැක. එක් වරක් පමණක් දැරීමට සිදුවන, පොලොව සෑදීමට යන වියදම එපමණටම අල්පය. ඒ හැරෙන්නට අවුරුදු පතා කල යුතු වෙනත් වියදමක් නොමැත. බදාම මිශ්‍රණය වීල්බැරෝවකට පුරවා ගෙනවුත් වීල්බැරෝවෙන්ම මෙම යන්ත්‍රයට දැමිය හැක. සාමාන්‍ය වීල් බැරෝවක් වුවද මේ සඳහා පාවිච්චි කල හැකි නමුත්, ඒවායේ ඇති නිෂ්පාදන දුර්වලතා නිසා, දිගු කලක් පාවිච්චි කල නොහැකි වීමටද ඉඩ ඇත. මෙයට විසඳුමක් වශයෙන් මෙම යන්ත්‍රය සඳහාම උචිත ලෙස විශේෂයෙන්ම සකස් කල ඉතා පහසුවෙන් හැසිරවිය හැකි, ගල් හයකට ප්‍රමාණවත් තරම් බදාම එකවර ගෙන යා හැකි ශක්තිමත් වීල් බැරෝවක්ද අප වෙතින් මිලදී ගත හැක. සකස් කරන ලද බිම මත ගල් නිපදවිය හැකි අතර, ගල් 6ක් නිපදවූ පසු ඊට අඟල් 3ක් පමණ කුඩා දුරකින් ඊලඟ ගල් 6 නිපදවිය හැක. එනිසා සීමිත ඉඩකඩ උපරිම අයුරින් පිරිමසා ගනිමින් ගල් නිපදවිය හැක. නිපදවන ගල් පසුදා ම ඉවත් කල හැක. අනෙක් මැෂින් වල නිපදවන ගල් මෙන්ම, මෙම ගල් ද මනා ශක්තිමත් බවකින් යුක්ත වන අතර මෙමගින් නිපදවනු ලබන ගල්වල ශක්තිමත් බව, SLS තත්ව පරීක්ෂණයෙන් සමත්වීම සදහා ඇවැසි පරාසය තුල පවතින බව සතුටින් දන්වනු කැමැත්තෙමු. මෙහි අච්චුව පොලව සමග නොගැටෙන පරිදි රබර් කොට්ට 4ක් මත පිහිටන බැවින් ගල් නිපදවීමේදී නැගෙන ශබ්දය අනෙක් මැෂින් වලට සාපේක්ෂව බෙහෙවින් අඩුය. එමෙන්ම එය අච්චුව වඩාත් හොඳින් කම්පනය වීමට උපකාරී වෙයි. මෙහි ඇත්තේ නිවසේ විදුලියෙන් ක්‍රියා කරවිය හැකි අ.බ.2 මෝටරයකි. අනෙක් මැෂිමකින් ගල් 2ක් නිපදවීමට වැය වන විදුලියෙන්ම, මෙමගින් ගල් 6ක් නිපදවිය හැක. තවද ගල් සැදී අවසන් වූ වහාම ඒ බව දැකිය හැකි දර්ශකයක් සවිකොට ඇති බැවින්, එවිටම මෝටරය නැවැත්විය හැකි නිසා විදුලිය ද පිරිමසාලයි. මෙම යන්ත්‍ර තනි පුද්ගලයෙකුට, එක් අතකින් වුවද එහා මෙහා කල හැකි නිසා කාන්තාවකට වුවද මෙය ක්‍රියා කරවිය හැක. විදෙස් රටවල නිපදවන මැෂින් සඳහා පසු කාලීනව අමතර කොටස් හිඟවිය හැකි නමුත්, මෙම යන්ත්‍ර අප විසින් ම නිෂ්පාදනය කරනු ලබන බැවින්, අමතර කොටස් ඕනෑ තරම් ඇත. වසරක වගකීමක් සහිතව අලෙවි කරනු ලබන මෙම යන්ත්‍ර, රළු පාවිච්චියට ඔරොත්තු දෙන පරිදි ශක්තිමත්ව නිපදවා ඇති අතර, විදේශීය මැෂින් හා සසඳන විට ඊට වඩා බෙහෙවින් අඩු මුදලකට අලෙවි කරනු ලැබේ. දේශීය ව නිපද වූ අපේ රටේ දෑ අගයන්න. සේවක හිඟයට කදිම පිළියමක් වන මෙම නවතම ගල් 6 යන්ත්‍ර පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට අමතන්න. 077 – 40 87 360

REPORT AD

Rs. 250000

077 XXX XXXX

Dilan Perera
Katunayake





You might also like...

Forklift

Rs. 390

Financial Assiatance Needed

Rs. 350000

adun balimata haki kenek awasyai

Rs. 10

Roulette investor needed

Rs. 0

viper casing

Rs. 4000

Tajima Embroidery Machines

Rs. 2500000



Do you have something to sell?

Post your ad for free on sellit.lk

Sign up today